Smart Home Automation

ලොකයේ වේගවත් තාක්ෂණීක දියුනුව සහ මිනිසාගේ කාර්‍යබහුලත්වයත් සමග බොහෝදෙනෙකු තම වාසස්ථාන ස්වයන්ක්‍රීයකරනය කර ගැනීමේ ප්‍රවනතවයක් දැක ගත හැකිය. නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම සදහා වැය වන මුදල සාපෙක්ෂව ලෝකයේ සියලුම රටවල පාහේ බොහෝ ලෙස ඉහල ගොස් ඇති බව නිසැකවම පෙනෙන්නට ඇතිමුත් ඔවුන් සුඛෝපභෝගීත්වය සම්පූර්ණයෙන්ම නව මට්ටමකට ගෙන යාමට වෙළඳපොලේ ඇති හොඳම නිවාස පද්ධති සඳහා ගෙවීමට මැලිකමක් දක්වන්නේ නැත. එය 'ස්මාර්ට් වාසස්ථාන ලෙස හැඳින්වේ. මෙය මගින් ඉතා විශාල නව ව්‍යාපාර පද්දතියක් නිර්මානය වී ඇත. මෙම ඉල්ලුමට සාපේක්ෂව සැපයුම තවමත් ප්‍රමානවත් තත්වයක් පෙනෙන්නට නැත. ලොකයේ බොහෝ නිවාස හා ගොඩනැගිලි නිර්මාණ ආයතන නවීන නිවාස පද්ධති නිර්මාණ සමාගම් සමග ගිවිසුම් ඇතිකර ගනිමින් සිටී. දැනටමත් සිදුවන බොහෝ ඉදිකිරීම් ස්මාර්ට් නිවාස වේ. හවුස් තියටර් පද්ධතිය, වායු සමීකරණය, ආලෝකකරණය හෝ තිර රෙදි පවා එක් මධ්‍යම පාලන පද්ධතියකින් කළ හැකි හා ලොකයේ ඕනැම අන්තයක සිට ජංගම දුරකථනය මගින් පාලනය කලහැකිවේ. ස්මාර්ට් නිවාස පාලන පද්ධතියක් ස්ථාපනය කිරීම පහසු සංකල්පයක් පමණක් නොව, එය අතිරේකව පරිසර හිතකාමී වේ. එකවර ඔබගේ සීමාවන් තුළ ඇති සියලුම පාලනයන් සමඟින්, හිස් කාමරවල විදුලි පහන් දැල්වීමෙන් වැළකී සිටීමෙන් සහ උෂ්ණත්ව මට්ටම නියම මට්ටමට පාලනය කිරීමෙන් දේපල හිමිකරුවන් නිසැකවම බලය ඉතිරි කර ගනු ඇත. ලෝකයේ තාක්ෂණීක දියුනුවේ වේගයත් සමඟ ස්මාර්ට් හවුස් පිළිබඳ අදහස තවමත් අලුත්ම දෙයක් වුවද, සියලුම නව දේපල නිවාස මෙම අපූරු සංකල්පය සමඟින් පැමිණීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

Comments

Popular Posts